මාවනැල්ලේ බුදුපිලිම කැඞීම, වනාතවිල්ලූවේ අවිගබඩාවට සම්බන්ද ප‍්‍රධාන සැකකරුට ප‍්‍රබල දේශපාලඥයෙකුගේ ආරක්‍ෂාව !

පසුගියදා මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි බුදුපිළිම කිහිපයකට හානි කිරීමට නායකත්වය දුන් පුද්ගලයෙකු සහ ඔහුගේ සහෝදරයා ඉහළ දේශපාලනඥයකු සමඟ සමීප සබඳතා ඇති බවට පොලීසියට තොරතුරු හෙළිව තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා මෑතකදී වනාතවිල්ලූවේදී හමුවූ අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 සහ ජෙනරේටර 700කට ආසන්න තොගය ගබඩා කරගෙන සිටීම ගැන පොලිසිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.

එම සහෝදරයන් දෙදෙනා සහ ඉහත කී ප්‍රබල දේශපාලනඥයා අතර ඇත්තේ කුමන ආකාරයක සම්බන්ධතාවයක් ඇතැයි පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම දෙදෙනා පොලිසියට බාර දෙන බවට මෙම දේශපාලනඥයා අවස්ථා කිහිපයකදීම දන්වා ඇතත් මේ වන තෙක් එම පොරොන්දුව ඉටු වී නැත.

-lankacnews