gossip lanka

පැනි බීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ආහාර සඳහාත්

බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා මෙතෙක් පැණිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ද අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇති බව පෙන්වා දෙනවා.

අධික සීනි, ලුණු සහ තෙල් භාවිතා කිරීම හේතුවෙන් බෝ නොවන රෝගවලට ජනතාව ගොදුරුවීම දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.
 දියවැඩියා රෝගීන් අවම කිරීම සඳහා පැණිබීමවලට වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම 2017 වසරේ සිට ක්‍රියාවට නැංවුණා.

එම වර්ණ සංකේත ක්‍රමය, නිෂ්පාදනය කරනු ලබන ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර සඳහා ද ක්‍රියාත්මක කිරීම පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

(මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි)
gossip lanka