ජනාධිපතිවරණයට මාත් සූදානම් - දයාසිරි කියයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන්ද සූදානම් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් සූදානම් වන්නේ ජනාධිපතිවරණයට තරග වැදීමට නොව ඉදිරිපත්වන ජනාධිපති අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කිරීමට යයිද ඒ මහතා කියා සිටී.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට සූදානම් බවට කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක කාර්යාලයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනාධිපති අපේක්‍ෂකයන් ගැන කිසිවෙකු කලබල විය යුතු නැති බවත් අවශ්‍ය මොහොතේදී එය තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.