පොහොට්ටුවට ගිය ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට විනය ක‍්‍රියාමාර්ග ගත යුතුයි - මහ ලේකම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම වරදක් යැයි එම පක්ෂ නව මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එසේම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ද විනය ක්‍රියාමාර්ග නොගැනීම වරදක් යැයි ද ඒ මහතා කියා සිටී. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට උවමනාවක් ශ්‍රීලනිපයට නැති බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

ඔහු මෙම අදහස් පල කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.