ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවට නායකත්වය දීමට මං සූදානම් - ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන

අද වන විට සමහර දේශපාලනඥයින් මුදල් ගිජුකමින් රට ජාතිව පාවාදෙන තත්වයකට පත් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
රට කොටස් 09 කට වෙන් කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වන බව තමන් දන්වා බවත් ඔහු සදහන් කරයි.

එනිසා ඊට විරුද්ද සටනට ජීවිත පරිත්‍යාගයෙන් ජනතාවත් සමගින් නායකත්වය දෙන්න තමන් සූදානම් යයිද ඒ මහතා කියා සිටියේය.

තමන් විසින් කරන ලද මෙම ප‍්‍රකාශය ප්‍රශ්නකාරී එකක් විය හැකි වුවද තම කිසිම ප්‍රශ්නකයට බිය මිනිසෙකු නොවන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.