ඥාණසාර හිමිට ජනපති සමාව දී නිදහස් කරන්න - සියළු සංඝ සභාවන් ජනපතිගෙන් ඉල්ලයි !

වසර හයක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇති බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි මෙරට සියලුම සංඝ සභාවන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව අස්ගිරිය නිකාය, මල්වත්ත නිකාය, කෝට්ටේ සංඝ සභාව, අමරපුර නිකාය, රාමඥ්ඥ නිකාය සංඝ සභාවන්හි මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

එමෙන්ම දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද එම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කර සිටී.
gossip lanka