ගෝඨාට ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (14) පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කිට්ටුවෙන්ම සිටින අය බැවින් ඔවුන් සමඟ ගමනක් යෑම අපහසු නොවන බවද මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ විපක්‍ෂනායකවරයා එකතුවී රට ඉල්ලන අපේක්‍ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.