දෙමළ ජනතා ගැටළුවලට විසදුමක් දිය යුතුයි - ගෝඨා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථාවක් සදහා වන යෝජනාවලියේ එකග විය හැකි කිසිදු කරුණක් නැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

මෙම යෝජනාවලිය කෙසේ හෝ පරාජය කල යුතු බවත් යෝජනාවලිය පරාජය කල නොහැකි වුවහොත් රටට ඉතා අහිතකර තත්වයක් නිර්මාණය වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
දෙමල ජනතා ගැටළු සදහා විසදුමක් ලබා දිය යුතුය යන මතයේ තමන් සිටින නමුත් දෙමල ජනතාව උගසට තබා රට කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු තව දුරටත් පැවසීය.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ වියත්මග කාර්යාලයේදී පැවති සාකච්චාවකදී අදහස් පල කරමිනි.