ඉහළ පෙලේ ඝාතනයක් සම්බන්ධයෙන් සෙබළුන් 11 දෙනෙකුගේ වැඩ තහනම් කරයි !

ඉහළ පෙලේ මිනීමැරුමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු ගේ සේවය ඉදිරි සති දෙක තුලදී අත්හිටුවන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. ඊයේ (21) කොළඹදී පැවති උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ආරක්ෂක අංශවල සේවය කරනු ලබන සියළුම සොල්දාදුවන් රණවිරුවන් නොවන බවයි.

" රණවිරු පදක්කම් සහිත සොල්දාදුවන් 40,000 ක් පමණ රණවිරුවන් ලෙස සැළකිය හැකියි. නමුත් මාස තුනකට පෙරාතුව ආරක්ෂක අංශ සමග සම්බන්ධ වූවන් එසේ සැලකිය නොහැකි බවයි" ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.