තෙවරප්පෙරුමගෙයි ෆොන්සේකාගෙයි ගැටුම ගැන ඇමති ජෝන් අගමැතිට කියන්න යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අතර පවතින මතගැටුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ‘දිවයින’ ට පැවසීය.
මෙම මතගැටුමෙන් ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට තැත් කරන බව කී ජෝන් අමරතුංග මහතා මෙම ආරවුල නතර කිරීමට පියවර ගැනීම ඔවුන් දෙදෙනාගේම යුතුකමක් බව කියා සිටියේය.

දෙදෙනාටම ප්‍රශ්න තිබේ නම් ඒ බව පක්‍ෂ නායකත්වයට දැනුම් දෙන ලෙස ද ජෝන් අමරතුංග ඇමැතිවරයා එම දෙදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

දිවයින