gossip lanka

එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රනිල් - ජෝන් කියයි

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ වෙන කවුරුවත් නොව පක්ෂ නායකයා බව සංචාරක, වන ජීවි හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (14 ) කොළඹ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය.
එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයාත් ඉදිරිපත් වන බවත් මහින්ද රාජපක්ෂ මහතාද තම සහෝදරයා තරගයට ඉදිරිපත් කරන නිසා එජාපයට වාසි අත්වන බවත් ඇමැතිවරයා කීය.

එහිදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට තම පක්‍ෂයේ අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය ස්ථිර බවත් ඔහු පැවැසුවේය.

ජනාධිපතිවරණයට එජාපය සූදානම් යැයිද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අවශ්‍ය තීරණ ගන්නා බවද පක්ෂය ජයග්‍රහණය කරන බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයන් සඳහා ඊ ප්‍රවේශපත් නිකුත් කිරීමේ වෙබ් අඩවිය හඳුන්වාදීමේ අවස්ථාවෙන් අනතුරුව, සජිත් ප්‍රේමදාස මහතා එජාපයෙන් ඉදිරිපත් කරන බවට යන ප්‍රචාරය ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා එවැනි කතාවක් තිබුණද නායකතුමා තරග කරන බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය අවශ්‍ය තීරණය ගන්නා බවද කියා සිටියේය.
gossip lanka