රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි !

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමට අභියෝග කරමින් ගොනුකර තිබූ ‘‘රිට්’’ පෙත්සම සලකා බැලීම සඳහා ඊයේ  (31 දා) කැඳවූ විනිසුරු මඬුල්ලේ අසුන්ගෙන සිටි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය පුද්ගලික හේතුවක් මත එම කාර්යයට සහභාගි නොවන බව දන්වමින් ඉන් ඉවත් වූවාය.
විනිසුරු විජේසුන්දර මහත්මිය හා විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවන ලදී. පෙත්සම්කාරිය වන පොදු පෙරමුණේ කොළඹ නගර සභා මන්ත‍්‍රීනි ශාමිලා ගෝනවල මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මුලින්ම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් ඊයේ උසාවියට පැමිණ සිටියහ.

 පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවන අතර පෙත්සම විභාග කරන විනිසුරු මඬුල්ල සහ දිනය එහිදී දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට දැනුම් දෙනු ඇත.

 පෙත්සම්කාරිය වන ගෝනවල මහත්මිය සිය පෙත්සමෙන් කියා සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයන පුද්ගලික සමාගමක ප‍්‍රධාන කොටස්කරුවකු වීම නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සහ පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගි වී ඡුන්දය පාවිච්චි කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 1 (ඊ) වගන්තිය යටතේ අයිතියක් නැති බවයි.

 එනිසා ඔහුගේ මන්ත‍්‍රී ධුරය අවලංගු කරන ලෙසද, මෙතෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් ලබාගත් වැටුප් ඇතුළු සියලූ දීමනා ඔහුගෙන් අය කිරීමට පියවර

 ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කොටස් හිමි ලේක්හවුස් පි‍්‍රන්ටින් සහ පබ්ලිෂර්ස් නමැති පුද්ගලික සමාගම ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන කීපයකට චෙක්පත් මුද්‍රණය කිරීම ඇතුළු සේවාවන් රැුසක් ගාස්තු අයකර සපයන බවත්, ඒ බවට සනාථ කළ හැකි තොරතුරු රැුසක් තමා සතුව තිබෙන බවත් පෙත්සම්කාරිය පෙත්සමේ සඳහන් කර ඇත.

 2000 වසරේදී දොස්තර රාජිත සේනාරත්න මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි වූවේත් පුද්ගලික ආයතන සමග ගිවිසුම්වලට බැඳී ව්‍යාපාරික කටයුතුවල නිරත වීම නිසා බවත්, ඔහුට එරෙහි පැමිණිල්ල කළේ ඩිලාන් පෙරේරා මහතා බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 ජනාධිපති නීතිඥ කෙනත් ඊශ්වරන් මහතා සමඟ ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා, අධිනීතිඥ නිරන්ජන් අරුල්ප‍්‍රකාශම් නීතිඥ අරුල් ප‍්‍රකාශම් මහතාගේ උපදෙස් පිට පෙත්සමේ 01 වෙනි වගඋත්තරකරු වන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

 අධිනීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා දෙවැනි වගඋත්තරකරු වන එජාප මහ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පර්සානා ජමීල් මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියාය.

 ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.