මට පේන හැටියට නම් එන්නේ ජනාධිපතිවරණයක් - වෙල්ගම

තමන්ට පෙනෙන ආකාරයට නම් මුලින්ම පැමිණෙනු ඇත්තේ ජනාධිපතිවරණයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

 ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එසේම ඇත්ත කතා කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් පොහොට්ටුවේ අයටත් රිදෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු බවයි එහිදී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේ.

කුමාර වෙල්ගම මහතා පසුගිය යුගය පුරාවට බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කළ පුද්ගලයකු වන අතර මෛත්‍රී - මහින්ද හවුල් ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවටත් තමන් විපක්ෂයට යායුතු බවටත් ඔහු මුලදීම කළ ප්‍රකාශය ඉතා කෙටි කලක් තුළ සැබෑ විය.