ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කතා කිරීම පොහොට්ටුවට තහනම් වෙයි !

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කතා නොකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන කණ්ඩායම්වල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම රස්වීමේදී ඊළඟ සතියේ පාර්ලිමේන්තු රැස්වීමේදී ගන්නා වැඩපිළිවෙල, පුළුල් සන්ධානය බිහිකිරීම සහ පළාත් සභා මැතිවරණය පැමිණියහොත් ඊට මුහුණ දෙන ආකාරය සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙකී සන්ධානය ප්‍රමාද වීමට යම් යම් හේතු පැවතිය නමුත් ඉතා ඉක්මනින් සාකච්ඡා කර ඒවා විසඳාගනු ඇතැයි තමන් සිතන බව ද වෙල්ගම මහතා එහිදී සඳහන් කළේය.
gossip lanka