දෙමළ ජනතාව රවටන අවසන් පාලකයා ජනපති මෛතී‍්‍ර විය යුතුයි - ශිවාජිලිංගම්

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් ලබා දෙන බව පවසමින් දෙමළ ජනතාව රවටන අවසන් පාලකයා මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් විය යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්. කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.
යාපනයේදී දෙමළ මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ මේ රටේ සියලූම පාලකයන් මේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව පවසමින් දෙමළ ජනතාව රැුවටූ කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත් බවයි.

මේ නිසා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් රජය ලවාත් මේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී බලයට පත් වූ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාටත් කරුණු පැහැදිලි කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගත යුතු බව ශිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා සහ වත්මන් රජය බලයට පත් කරවීමට දෙමළ ජාතික සන්ධානය කැප වීමෙන් කටයුතු කළේ ඔවුන් මැතිවරණ සමයේදී උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීම නිසා බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා හා රජය ලවා ඒ කරුණු ඉටු කරගන්නා අතරතුර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා රජයට ඉටු කිරීම සඳහා නිර්දේශ කොට ඇති නිර්දේශ කි‍්‍රයාත්මක කරවා ගත යුතු බවත් කී හිටපු මන්තී‍්‍රවරයා රජය විසින් එම අවශ්‍යතා ඉටු නොකරන්නේ නම් ඒ බව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යළි මතක් කොට දීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කටයුතු කළ යුතුව ඇතැයි ද කියා සිටියේය.

දිවයින