ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂයි.. නාම යෝජනා දුන්නොත් ප්‍රතික්ෂේප නොකරන බව මැකො දන්වයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම සඳහන් වන බවත් කී වෙල්ගම මහතා කිසිවකුට අවශ්‍ය නම් ඡන්ද පෙත්සමක් ගොනු කල හැති බවත් එහි තීන්දුව එනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව යැයිද පැවසීය.

ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.