විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නයක කාර්යාලයේ වැඩ බාර ගැනීම අද පෙරවරුවේ සිදු විය.
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇති එම කාර්යාලයේදී විපක්ෂ නායකවරයා වැඩ ආරම්භ කලේය.
ධුරයේ රාජකාරි ආරම්භයෙන් පසු සන්ධානයේ නායකයින්ගේ රැස්වීමක් පවත්වන අතර ඉන් පසු මාධ්‍ය හමුවක් ද පැවැත්වින.
මේ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධයන් මහතා විපක්ෂ නායක කාර්යාලයෙන් බඩු බාහිරාදිය ඉවත් කර ගෙන පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් මේ දක්වා විපක්ෂ නායක ලේකම්වරයෙකු පත් කිරීමට රජය කටයුතු කර නැති නිසා තව දුරටත් නිල කටයුතුවලට බාධා එල්ල වෙමින් ඇතැයි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශකයෙකු පැවසීය.
සම්බන්ධන් සටන අතහැර පසුබසී.. මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩ බාරගනී !
2019-01-17T21:20:00-08:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|