gossip lanka

ජනාධිපති හා ෆොන්සේකා අතර ගැටුම සමතයකට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින විරසකය සමතයකට පත් කිරීම සඳහා බෞද්ධ නාහිමිවරුන් කිහිප නමක්ම මැදිහත්ව ඇති අතර ඒ අනුව විදෙස් සංචාරයෙන් පසු ජනාධිපතිවරයා යලි දිවයිනට පැමිණි වහාම ෆොන්සේකා මහතා හමුවීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී මෙම ගැටුම හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් ලබාදීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබු අතර අගමැතිවරයා විසින් තමාව අමාත්‍ය ධුරයක් සඳහා නිර්දේශකර තිබිය දී ජනාධිපතිවරයා පෞද්ගලික එදිරිවාදිකම් මත එය වැලැක්වීම මගින් තමාගේ මානව හිමිකම් කඩවී වී ඇතැයි චෝදනා කරමින් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර තිබිණ.

කෙසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා අතර පසුගිය සතියේ පැවති සුහඳ හමුවේදී ද මේ සම්බන්ධයෙන් ද සාකච්ජාවට ලක්ව ඇති අතර එහිදී ඇතිවූ එකඟත්වය මත ජනාධිපතිවරයාට එරෙහිව එජාප පාර්ශවයෙන් කිසිඳු අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව ප්‍රකාශ වී ඇතැයි ද පැවසේ.

අනතුරුව සරත් ෆොන්සේකා මහතාගේ උපදේශක කපිතාන් සේනකද සිල්වා මහතා ද ජනාධිපතිවරයාගේ සමීප හිතවතුන් කිහිප දෙනෙකු සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයා හා ෆොන්සේකා මහතා අතර හමුවක් ඉදිරිදින කිහිපය තුල දී සිදුවීමට නියමිත බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සක්‍රිය වැඩකොටසක් කල දේශපාලනඥයින් අතර සරත් ෆොන්සේකා මහතා ද පෙරමුණේ සිටියේය.
gossip lanka