චන්ද්‍රිකාව ශ‍්‍රීලනිපයෙන් පන්නා දැමීමට ජනපති සැරසේ !

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දරනු ලබන අත්තනගල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ධුරය ඉවත් කීරීමට නියමිතව ඇති බව ශ‍්‍රීලනිප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය දරමින් සිටින ශ‍්‍රීලනිප උපදේශිකා තනතුර සම්බන්ධයෙන්ද තදින් සලකා බැලීමටද තීරණය වී ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනිය ශ‍්‍රීලනිප පිරිස් එක්සත් ජාතික පක්‍ෂයට එක් කිරීමට වෑයම් කිරීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇති බව සදහන්ය.

හිටපු ජනාධිපතිනිය එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා විය.

මේ අතර තව දුරටත් වාර්තා වන්නේ ජනාධිපතිවරයා මේ දිනවල නියැලී සිටින විදෙස් සංචාරය නිමවා මෙරටට පැමිණි පසු ශ‍්‍රීලනිප සංවිධායකයන් 20ක පමණ පිරිසකගේ සංවිධායක ධුරයන් අහිමි වනු ඇති බවයි.