පලාත් සභා මැතිවණය එකවර පවත්වන්න ජනපති සූදානම් !

අපේ‍්‍රල් මාසයෙන් පසුව පලාත් සභා සියල්ලේම මැතිවරණ එකවර පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් කර සිටින බව වයඹ පලාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ආණ්ඩුකාරවරයා මෙසේද සදහන් කලේය.
දැනට විසුරවා තිබෙන පළාත් සභා වලත් ඒ වගේම මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභා දෙකත් ඒ වගේම ඌව පළාත් සභාව ඔක්තෝබර් මාසය වන විට අවසන් වෙනව.

මේ සියළු පළාත් සභාවල එකවර අප්‍රේල් මාසයෙන් පසුව මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනව. ඒ වගේම ආණ්ඩුවේ අවධානය ඒ සඳහා යොමු කරන්න එතුමා නියම කරල තියනව.

වෙනත් දේශපාලන පක්ෂ මේ සියළුම දේවල් ගෙනාවම හිතන්නෙ එක මතයකට එනව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්.

ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙන්නෙ අප්‍රේල් වලින් පස්සෙ සියළුම පළාත් සභා එකවර පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට තමයි දැනට තිබෙන තත්වය අනුව බලාපොරොත්තු වෙන්නෙ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ප්‍රතිපත්තියක් තියනව මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් මේ කාලය තුළ වෙනස් කිරීම සඳහා දීර්ඝ කාලයක් යන නිසා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන ඉතාමත්ම ඉක්මනින් අප්‍රේල් මාසයෙන් පසුව මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කිරීමට දැනට අවධානය යොමු වෙලා.

ඒ සඳහා අදාල අංශ වලට ජනාධිපතිතුමා විසින් නියෝග ලබා දීල තියනව මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න කියා.

– ආනන්ද සමරසිංහ