gossip lanka

මලික්ට එරෙහිව එජාප මන්ත්‍රි පිරිසකගේ විරෝධය බොරුවක් !

මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකුට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ගෙනයන විරෝධතාව බොරුවක් බවත් කලකිරී සිටින එම පක්ෂයේ පාක්ෂිකයන් රැවටීම සඳහා මෙම විරෝධතාව ගෙන යන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.
මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනකු ඉල්ලා අස්වන බවට මෙම මන්ත්‍රිවරුන් ප්‍රකාශ කළද කිසිවකු ඉල්ලා අස්වී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම මන්ත්‍රිවරුන්ගේ මෙම විරෝධය ශත පහකටවත් ගණන් ගෙන නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරුන්ට එරෙහිව කෑගැසූ මන්ත්‍රිවරුන්ගේ ශබ්දය මේ වන විට අඩුවී තිබෙන බවත් බැඳුම්කරයේ කොල්ලකා තිබෙන මුදල්වල බලය නිසා එසේ කටවල් වැසුණාද කියා සාධාරණ සැකයක් මතුවන බවද වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි.

මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අය - වැය විවාදයේදී අදාළ අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා හැකිනම් මැදිහත් වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනාට අභියෝග කරන බවද ජානක වක්කුඹුර මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

(මව්බිම)
gossip lanka