මයික්‍රෝ ෆයිනෑන්ස්කාරයෝ යාපනේ 60ක් මරලා !

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබාගත් ණය ගෙවාගත නොහැකිව පසුගිය 2018 වසරේ පමණක් යාපනය දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 60 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ පසුගිය 23 වැනිදා සහනදායක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිණි.

මේ අතරින් ණය ගෙවා ගැනීමට නොහැකිව සිය දිවි හානිකරගෙන ඇති බහුතරය කාන්තාවන් බවත් මන්ත්‍රීවරයා එහිදී හෙළිකළේය. එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් සූරාකෑමට ලක්වන්නේද වැඩි වශයෙන් කාන්තාවන් බව ඔහු පැවසීය.

ජනගහනයෙන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ණය ගැති භාවයට ලක්ව ඇති බවත්, එය ග්‍රාමීය, නාගරික හා වතු ආදී වශයෙන් සලකා බැලීමේදී විශාල ප්‍රමාණයක් වන බවත්, ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබුවේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල පොලී අනුපාතය ඉතා ඉහල බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා අලුතින් අවසර ලබා නොදෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටි අතර ඔහු කියා සිටියේ දැනට අවසර ලබාදී ඇති සමාලෝචනයක් කළ යුතු බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම නිසා අර්බුදයට පත් පිරිස වෙනුවෙන් පැමිණිලි භාර ගැනීමට සියලු ප්‍රාදේශීය සභාවල කාර්යාලයක් විවෘත කළ යුතු බවත්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය යුතු බවත් ඔහු යෝජනා කළේය.
gossip lanka