දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් මෙන්න !

දුම්කොළ සමාගම් සිදුකරන නීති විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ ( 20) හෙළිදරව්වක් කළේය.
නීති විරෝධී ලෙස සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුළ ජනමතයක් ඇති කිරිමට එම සමාගම් උත්සහ දරන බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ ඉදි කළ හයවන ඖෂධ හා සුවඳවිලවුන් කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියරේ ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

දේශීය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 2.5 කි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 450 කට මෙමගින් රුකියා හිමි වෙයි. ඖෂධ, ඖෂධ ආලේපන, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ යුරෝපා සංගමයේ ඖෂධ කර්මාන්ත ශාලා ඖෂධ නිෂ්පාදනය කරන ආකාරයට නිෂ්පාදන කටයුතු සිදු කරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සදහා ආයෝජකයින් 46 දෙනෙකු සමඟ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සදහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සදහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 05 ක් මේ වන විට ඖෂධ නිෂ්පාදනය සිදු කරයි. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

“දුම්බීම අවම කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10 න් 09 ක්ම මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන අතර දුම්වැටි සදහා 90%ක බදු පැනවීමේ දී විවිධ බලපෑම් එල්ල වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්වැටි භාවිතය අවම කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් භාවිතයෙන් ඉවත් වී ඇති බවයි සේනාරත්න මහතා කියාසිටියේ.

" නමුත් රට තුළ මතයක් ඇති කරනවා දුම්වැටි වෙනුවට බීඩි භාවිතය වැඩි වී තිබෙනවා කියලා. එය බොරුවක්. නිකොටින්වලට ඇබ්බැහි වූ අයට බීඩි භාවිතා කරලා එම සන්තර්පනය ලබා ගන්න බැහැ. බීඩි භාවිතයේ වැඩිවීමක් නැහැ."

පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් ආරම්භ කළේ ජනතාව දියවැඩියාවෙන් ආරක්ෂා කිරීමට බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊටත් බලපෑම් එල් වූ බවයි.

නමුත් බලපෑම් වලට යටත් නොවී එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවත් දින 52 ක දේශපාලන අර්බුදය සමයේ පැණිබීම සදහා පනවා තිබූ බදු ඉවත් කිරීමට පියවර ගෙන තිබූ නමුත් යළි තමන් සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පැණිබීම බද්ද ක්‍රියාත්මක කළ බව පැවසීය.
gossip lanka