gossip lanka

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන ප‍්‍රශ්න කරන්න මුසම්මිල් CID කැදවයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කිරීම සදහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය වෙත කැදවා තිබේ.
ඒ අනුව හෙට පෙරවරුවේ ඒ මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතය.

සිදුවීම සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඔහු මෙසේ කැදවා ඇති බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාද අද දිනයේ රහස් පොලීසිය විසින් කැදවා මෙම සිදුවීම ගැන ප‍්‍රශ්ණ කරනු ලැබීය.
gossip lanka