නාමල් කුමාරට එරෙහිව අධිකරණ නියෝගයක් !

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ (04) නියෝග කරනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නාමල් කුමාර විවිධ අවස්ථා වලදී මාධ්‍ය වෙත සිදුකරනු ලබන ප්‍රකාශ හේතුවෙන් සිය විමර්ශන වලට බාධා මතුව ඇති බවයි.

මේ අතර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර මේ දක්වා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් වන වීඩියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කරනු ලැබුවා.