ජනපති ඝාතන කුමන්ත‍්‍රණය : විමල්, ශෂී, නාමල් ප‍්‍රශ්න කරන්න රහස් පොලිසියට කැදවයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඔහුගේ බිරිද, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන තිදෙනාගෙන් රහස් පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව කියා සිටියේය.

දූෂණ විරෝධී බළකා අධ්‍යෂ නාමල් කුමාර විසින් හෙළි කරන ලද මෙම ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්දයෙන් දැනට රක්‍ෂිත බන්ධනාරගත ගත කර සිටින ඉන්දීය ජාතිකයා ගැන මෙම පිරිසගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.