gossip lanka

ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කැමති නෑ !

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පසුගිය ජාතික ආණ්ඩුව නිසා වැඩිම හානිය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂය බව පෙන්වා දෙන ඒ මහතා ප්‍රකාශ කළේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස තමන් පක්ෂයට යෝජනා කළේ ඉදිරි ජනාධිපතිවරණය දක්වා එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් ලෙස ජනතාවට උපරිම සේවය කරමින් ඉදිරියට යායුතු බවය යන්නයි.

"එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු දිගින් දිගටම කියා සිටියේ තව මාස දහයයි ජනාධිපතිවරණයට, මේ මාස දහය තුළ අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට අපිට කරන්න පුළුවන් උපරිම වැඩ කරගෙන ඉස්සරහට යන්න ඕනෙ, රෑ වැටුණු වළේ දවල් වැටෙන්න ඕනෙ නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
gossip lanka