රනිල් පාලනයේ සිදු වූ සියළු වංචා දුෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි !

2015 සිට 2018 දක්වා වූ කාලයේ සිදුව ඇති දුෂණ වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසමක් පත් කර ඇත.

මේ සම්බන්දයෙන් වන අති විශේෂ ගැසනට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.
මෙම කොමිසම මගින් අදාල කාල සීමාවේ අමාත්‍යංශ ඇතුළු සියළු රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට නියමිතය.