අධිබල ක්ලෙමෝ බෝම්බයක් ඇතුළු ආයුද තොගයක් මන්නාරමෙන් හමුවේ

මන්නාරම ,පේසාලේ ,නඩුකුඩා කැළෑ ප‍්‍රදේශයක සඟවා තිබූ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (24) දින සොයා ගත් බව පේසාලේ පොලිසිය පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් පවතින බවට පේසාලේ පොලිසිය වෙත ලැබුනු තොරතුරකට අනුව නඩුකුඩා කැලෑවේ සිදුකළ සෝදිසියකදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය හමු වී ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිලෝ පහක බරින්යුත් ක්ලේමෝ බෝම්බයක්, ජෙලට් නයිට් කූරු හතරක්, එම්.පි.එම්.ජි තුවක්කු කොටසක් හා උණ්ඩ තොගයක් , රොකට් ලෝන්චර් ගිනි අවියක් හා සපත්තුවක් හමු වී ඇත.

හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි කොටස් දිරාපත් නොවන ලෙස පොලිතීන් කවර යොදා ආරක්ෂා සහිතව අසුරා තිබූ අතර සොයාගත් යුද උපකරණ තොගය මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණ නියොගයකින් වනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ