මෛත‍්‍රී යලිත් ජනාධිපති අපේක්‍ෂකයා කිරීමේ යෝජනාවෙන් ඔහු නැත්තටම නැති වෙනවා - එස්.බී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවෙන් එළියට ගත්තේ ඉතාමත් අමාරුවෙන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

එසේ එළියට ඒමට නම් එම පිරිස් සටන් පාඨ දෙකක් ඉදිරිපත් කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඉන් එක් සටන් පාඨයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට එක් වන අයට දඬුවම් කරන්නේ නම් පොහොට්ටුවට එක් වූ අයට ද දඬුවම් කිරීම බව කී මන්ත්‍රීවරයා එම සටන් පාඨය ක්‍රියාත්මක කළේ නම් සිදු වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටයි කිසිවකුත් නැති වීම බවද පැවසීය.

දෙවැනි සටන් පාඨය වූයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරන බවට මහින්ද රාජපක්‍ෂ පොරොන්දු විය යුතු බවත් එම සටන් පාඨයෙන් කිරීමට උත්සාහ කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා නැත්තටම නැති කිරීම බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධානයේ පක්ෂ නායකයන් විසින් අවශ්‍ය වෙලාවට තීන්දු කරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පල කලේය.
gossip lanka