මහින්ද මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහලා - හැරිසන්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කර ඇත්තේ මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසීමක් වැනි වැඩක් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

නොවැම්බර් 09 වනදාට පෙර කොහොමත් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
"මැතිවරණ කොමසාරිස්තුමා සියදිවි නසාගෙන හරියන්නෙ නෑ. එතුමා කොමිෂන් එකේ සභාපතිතුමා. එතුමා ඒ කියලා තියෙන්නෙ නොවැම්බර්වලට කලින් මැතිවරණයක් තිබ්බෙ නැත්නම් ඉල්ලා අස්වෙනවා කියලා. එතුමා මේ මුහුද හත් ගව්වක් තියලා තමයි අමුඩ ගහලා තියෙන්නෙ. තාම නොවැම්බර් වෙලා නෑනෙ. නොවැම්බර්වලට කලින් කොහොමත් මැතිවරණ තියනවා" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පී. හැරිසන් මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.