කවුරු විරුද්ද වුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා - රංග බණ්ඩාර

කැබිනට් සංයුතිය ගැන ඇතිව තිබෙන ගැටළකාරී තත්වය අවසන් වූ සැණින් තමන්ට කැබිනට් ඇමති ධුරයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
තමන්ට කැබිනට් ඇමති ධුරයක් ලබා දීමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

කවුරුන් අකමැති වුනද තමනට කැබිනට් ඇමතිකමක් ලැබීම ස්ථිර යයිද ඔහු වැඩි දුරටත් කියයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.