ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. - තෙවරප්පෙරුම නැවතත් ෆොන්සේකාගේ රෙදි ගලවයි (video)

රත් ෆොන්සේකා මහතා විදින ලද සිර දඬුවමක් නැති බවත් ඔහුට සියළු පහසුකම් සලසා තිබූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ෆොන්සේකා මහතාට සිරගෙදර තුලට ගෙන ගොස් දීමට නොහැකි වූයේ ගෑණියෙක් පමණක් යයිද ඔහු කියා සිටී.

සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ දිනයේ දක්වන ලද අදහස්වලට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
ෆොන්සේකා මහතා කෝප වී සිය බිරිදගේ හිසේ පොල්තෙල් වත්කල බවත්, ආප්පයක වාටින නැතැයි කියා හමුදා සෙබලුන්ට දණ ගැස්වූ බවත් ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්ද සිටිනා බවටත් ඔහු චෝදනා කලේය.



ෆොන්සේකා-තෙවරප්පෙරුම දරුණු යුද්දය නවතන්න විශේෂ සාම නියෝජිතයෙක් 

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මේ දිනවල ඇතිව තිබෙන දැඩි මත ගැටුම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

මෙම ආරවුල නිසා වෙනත් පිරිස් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන බව පවසන ඇමතිවරයා ආරවුල අවසන් කිරීම දෙදෙනාගේම යුතුකමක් යයිද සදහන් කරයි.

ප‍්‍රශ්න ඇත්තේ නම් ඒ බව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වන ලෙසද ඇමැති අමරතුංග වැඩි දුරටත් කියා සිටී.
gossip lanka