යහපාලන ඇමති 20කට චෝදනා.. ඒකාබද්දයෙන් ජනාධිපති කොමිසමට පැමිණිලි ෆයිල් බාර දෙයි

2015න් පසු පැවති ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂය විසින් වංචා දූෂණ චෝදනා ඇතුලත් ලිපිගොනු 20ක් භාරදීමට සූදානම් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ජනාධිපති කොමිසම හෙළි වූ කරුණු අනුව ඉබි වුවද නීතිය ක්‍රියාත්මක වන නිසා මෙම පැමිණිලි කිරීමට තීරණය කල බවයි.

යහපාලන රජයේ මැති ඇමැතිවරු 20නට පමණ මෙමගින් චෝදනා එල්ල වන බවත් ඔවුන් විසින් සිදු කර ඇති දූෂණ හා වංචා සම්බන්ධ විපක්‍ෂය සතු තොරතුරු කොමිසමය භාරදීමට කටයුතු කරන බවත් මන්ත‍්‍රීවරයා කියයි.