gossip lanka

ඥාණසාර හිමිට ජනපති සමාව ලැබීම ස්ථිරයි - නිදහස් වන දිනය මෙන්න

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ නාහිමිව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් ඊයේ (24දා)  පැවැති මාධ්‍ය  සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය. පෙබරවාරි 04 වැනිදා හෝ ආසන්න දිනයකදී මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.
gossip lanka