විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ජනපති පිලිපීන නිල සංචාරයේ - එජාපය කැළඹෙයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල පිලිපීන රාජ්‍යයේ නිල සංචාරයක යෙදී සිටී.

ඔහු සමග මෙවර එම සංචාරය සදහා එක්ව සිටින දුත පිරිසේ වැඩි පිරිස විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් වීම විශේෂත්වයකි.
රාජ්‍ය නායකයාගේ මෙම සංචාරය හේතුවෙන් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම දැඩි ලෙස කැළඹී සිටිති.

ඇමති හර්ෂද සිල්වා සිය නිල ට්විටර් ගිණුමේ සටහනකින් ප‍්‍රශ්න කර ඇත්තේ ජනාධිපතිගේ දූත පිරිසට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් එක් කර ගත්තේ කෙසේද යන්නයි.