බි‍්‍රගේඩියර් පි‍්‍රයංකට එරෙහි නඩුව යළිත් විභාගයට

බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග කිරීමට තීරණය කර ඇත.

පෙබරවාරි 01 වනදා එම නඩුව විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් තීරණය කර ඇති අතර බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය ලන්ඩන් නුවරදී සමරන අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු බහුතරයක් දෙමළ ජනතාවගෙන් සැදුම්ලත් විරෝධතා කරුවන්ට තර්ජනය කළ බවට ආරක්ෂක කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය උපදේශක ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු චෝදනා ලබා සිටියි.

ඔහුට විරුද්ධව නඩු පවරා ඇත්තේ බ්‍රිතාන්‍යයේ මහජන ආරක්ෂාව පිළිබඳ පනත යටතේය.