‘‘විනිසුරුවරිය වරෙන්තු නිකුත් කරන තුරු අපේ අය බලා සිටීම යුද හමුදාවට ලැජ්ජාවක් ‘‘ - බ්‍රිතාන්‍යයේ සෑම පොලිසියක්‌ම බ්‍රිගේඩියර් ප්‍රියංක සොයයි !

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ සියලුම පොලිසිවලට අවශ්‍ය කරන අයකු ලෙස වෙස්‌ට්‌මිනිස්‌ටර් අධිකරණයේ විනිසුරුවරිය වූ සෝනියා හෙන්ස්‌ලේ විසින් මෙම නම් කර තිබෙනවා.
බ්‍රිගේඩියර්වරයාට එරෙහිව කොටි ඩයස්‌පෝරාව ගොනු කළ නඩුවට විදේශ කටයුතු බලධාරීන් විසින් නීතිවේදියකු ඉදිරිපත් නොකර ඒ වෙනුවට විදේශ කටයුතු බලධාරීන් විසින් විනිසුරුවරියගේ තීන්දුව හෙළා දැකීම විහිළුවක්‌ බවයි ලන්ඩන් නුවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නීතිවේදියෙකු ප්‍රකාශ කර තිබුනේ.

එසේම  බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස විනිසුරුවරිය වරෙන්තු නිකුත් කරන තුරු අපේ අය බලා සිටීම  යුද හමුදාවට ලැඡ්ජාවක්‌ බවද ඔහු ප්‍රකාශ කළා.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එරට ‘1986 අංක දරණ මහජන සාමය පිළිබඳ පනත’ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ගොනු කළ පැමිණිල්ලකට අනුව වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් වරෙන්නතුවක් නිකුත් කර තිබෙනවා.