සේනා දළඹු කරදයට කල යුතු දේ මහාචාර්යවරයෙක් හෙලි කරයි

වියත්මග ප‍්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා සේනා දළඹු වසංගතය ගැන මෙම අදහස් පල කලේය.
‘කෘෂිකර්ම කේෂ්ත‍්‍රයේ වසර ගණනාවකින් අත්නොවිදි දරුණු කෘමි ව්‍යසනයකට ගොදුරු වෙමින් සිටිනවා. එයට සාර්ථක විසදුමක්, ක‍්‍රමවේදයක් මෙතෙක් හදුන්වා දෙන්න පුළුවන්කමක් ලැබී නැහැ. මාධ්‍යවලින් අපිට පේනවා මේ සදහා ඇතැමුන් අළු භාවිතා කරනවා. තවත් කෙනෙක් කොහොඹ තෙල් අත්හදා බලනවා.

ඇත්තටම සේනා දළඹු ව්‍යසනය සම්බන්ධයෙන් කළ පර්යේෂණ දිහා බැලූවාම කනගාටුදායක තත්ත්වයක් තිබෙන්නේ. රටේ ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබලා විදේශයන්හි උසස් අධ්‍යාපනය ලද කීට විද්‍යාඥයන් ඇතුළු කෘෂිකර්ම කේෂ්ත‍්‍රයේ විද්‍යාඥයන් රැසක් ඉන්නවා. කේෂ්ත‍්‍රය් වගා කරන ගොවි මහත්වරුන්ගේ නිර්දේශයන් ඉදිරිපත් කරනවා නම් අපේ නිර්දේශයන් විදිහට අපේ පර්යේෂකයන් පුහුණු කිරිම, පර්යේෂක ආයතන නඩත්තු කිරීම වැදගත් වෙන්නේ නැහැ. එ් නිසා රටේ ලොකු ගැටලූවක් තිබෙනවා යම් ව්‍යසනයකදී එය විසදීම සදහා තිබන පසුබෑම ගැන. සේනා දළඹුවා සම්බන්ධයෙන් වුවත් තවමත් ගොවි මත්වරුන්ට යම්කිසි නිශ්චිත ක‍්‍රමවේදයක් හදුන්වා දෙන්න බැරිවෙලා තිබෙනවා.

කෘෂිකර්මාන්තය කියන්නේ පරිසරය හා සබැදුණු දෙයක්. කෘෂිකර්මාන්තය පරිසරයෙන් ඉවත් කරලා වෙනම ජීවනෝපාය මාර්ගයක් විදිහට දකින්න අපිට පුලූවන්කමක් නැහැ. එ් ජීවනෝපාය මාර්ගය ක‍්‍රියාවට නගන්නේ ස්වභාවික පරිසරය තුළ සිටයි. එ් පරිසර පද්ධතීන්ගේ අවබෝධයක් ඇතිව මෙම සේනා දළඹුවාගේ ජීවන චක‍්‍රය ගැන අධ්‍යයනය කර තොරතුරු එක්රැස් කරගත යුතුයි. එ්වා සම්පිණ්ඩනය කරලා තොරතුරු එක්රැස් කර ගැනීuට එ් සදහා මෘදුකාංගයක් ඉදිරිපත් කර තිබෙනවා. එ් සදහා පුද්ගලයන් දහසකගේ පමණ කණ්ඩායමක් යොදවලා දත්ත එක්රැස් කර ගන්න කටයුතු කරනවා.

එම තොරතුරු ඔස්සේ අපේ දැනුම භාවිතා කරලා තිබෙන ගටලූව ගැන අවබෝධයක් ලබාගෙන ස්ථීරසාර විසදුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එක විසදුමකින් මේක විසදන්න බැහැ. මේ සදහා මධ්‍ය හා දිගුකාලීන විසදුමක් අවශ්‍යයි. මෙවැනි කෘමි උවදුරු යළිත් ඇති වීමේ අවධානම අවම කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධව ක‍්‍රමවේදයක් නිර්මාණය කරගත යුතුයි’

– චාමින්ද කරුණාරත්න