රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සව මීලගට ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, මොංගෝලියා, බලුකිස්තාන් ක‍්‍රමවලට - රන්ජන් හෙලි කරයි

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා මීලගට විවාහ වනු ඇත්තේ ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, සමුරායි, බලුකිස්තාන්, මොංගෝලියා ක‍්‍රමවලට බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
දැනටත් බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ක‍්‍රමවලට එම විවාහය පවත්වා ඇති බවත් ඔ්නෑ තරම් සල්ලි ඇති නිසා එය ප‍්‍රශ්ණයක් නොවන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් ස්වාසිලන්ත ක‍්‍රමයට විවාහ උත්සවයක් නොපවත්වන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අර්ජුන් ඇලෝසියස් විසින් මිල අධික රුසියානු ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකු තෑගි වශයෙන් ලබා දී ඇතැයිද රාමනායක මහතා සදහන් කරයි.