"රංගෙ බණ්ඩාරට ඇමතිකමක් දිය යුතුයි" - රවී ඇවිලෙන ගින්නට පිදුරු දමයි !

ඇමති ධුරයන් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය අනිවාර්යයෙන්ම විසඳාගත යුතුව ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක කියයි.
රංගෙ බණ්ඩාර මහතා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වන නිසා අනිවාර්යෙන්ම ඔහුටද කැබිනට් ඇමති ධුරයක් ලබා දිය යුතු යයිද කරුණානායක මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.