මගේ නිවසේ සාකච්චාවක් පැවැත්වුනා.. සගවන්න දෙයක් නෑ - රෙජිනෝල්ඩ්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් විසින් ශ‍්‍රී. ල. නි. ප. ය බේද භින්න කිරීමට කුමන්ත‍්‍රණය කරන බවට මතු වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් අද දින උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පහත සඳහන් ප‍්‍රකාශය කළේය.
‘පසුගිය දිනවල විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි මගින් මා පිළිබඳව ප‍්‍රචාරය කරන ලද පුවතක් සම්බන්ධයෙන් සත්‍ය හෙලිදරව් කිරීම සඳහා අද දින මේ ප‍්‍රකාශය කරන්නට අදහස් කළෙමි.

”මගේ නිහ`ඩතාවය, තව තවත් සත්‍ය විකෘති කරමින්, ¥ෂමාණ ආරංචි පැතිරවීමට තෝතැන්නක් කර ගන්නා බව මට හොඳටම පෙනී ගොස් තිබේ. රෙජිනෝල්ඞ්ගේ නිවසේ 18 දෙනෙකුගේ කණ්ඩායමක් රැුස්වී ශ‍්‍රී. ල. නි. ප. ය බේද භින්න කිරීමට, වෙනත් මගක් ගැනීමට යන බව එම ප‍්‍රවෘත්තිය මගින් විද්‍යාමාන වේ.

කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා පවසන අන්දමට හැ`ගී යන්නේ එම 18 කණ්ඩායමේ පිටුපසින් වසන් වී රෙජිනෝල්ඞ් කුරේ සිටිනා බවයි.

මම පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටින්නේ මාගේ පරිශ‍්‍රයක එම සාකච්ඡව පැවැත්වීමට මා ඉඩ දුන්නේ හොර රහසේ වසන් වී කුමන්ත‍්‍රණයක් කිරීමට නොවන බවයි. එවැනි කුමන්ත‍්‍රණයක් කිරීමට අවශ්‍ය නම් එවන් ස්ථානයක කිසි විටක එම රැස්වීම පැවැත්වීමට තරම් මා අඳ බාලයෙකු නොවේ. කුමන්ත‍්‍රණයක් නම් එම සාකච්ඡවට පැමිණි සියලූ දෙනාගේ අත්සන් ලේඛනයක් ලබා ගන්නේද නැත.

මෙම සාකච්ඡව පිළිබඳව එස්. බී. දිසානායක මැතිතුමාද මාගෙන් විමසන ලදුව සිදුවන සාකච්ඡව පිළිබඳව නොසගවා මා හෙලි දරවු කළේ සැ`ගවීමට කිසි දෙයක් නොමැති හෙයිනි.

ඉන් අනතුුරුව අතිගරු ජනාධිපතිතුමා කරන ලද විමසීමටද මම කරුණු නොවලහා පැවසුවෙමි.

2018 දෙසැම්බර් 18 වන දින සවස 3.15ට රැස්වීම පටන් ගන්නා බව අතිගරු ජනාධිපතිතුමාද දැන සිටියහ. මම සවස 3.40ට මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වීම සඳහා රැස්විම අතරමැද පිටත්ව ගියෙමි. මෙම රැස්වීම පැවැත්විම පිලිබඳව හෝ පවතින දේශපාලන තත්ත්වය පිලිබඳව හෝ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය මා සමග කිසිවක් සාකච්ඡුා නොකළ අතර මා ඇය සමග මේ පිළිබඳව කිසිදු කථා බහක් නොකළ බවද වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමි.

මවා ගත්, නිර්මාණය කරන ලද, අනුමාන කරන ලද ප‍්‍රබන්ධකරුවන්ට මා විසින් පැවසිය යුතු දෙය නම්, මා කිසි විටක ශ‍්‍රී. ල. නි. ප. ය අත් හැර නොයන බවත්, පක්‍ෂය හමුවේ ඇති සියලූම බාධක හමුවේ නොසැලී සිටින බවත්, ජනහිතකාමී, මානවපේ‍්‍රමී, දේශපේ‍්‍රමී, පරිසරහිතකාමී, පීඩිත පංතීන්ගේ හා ප‍්‍රගිතශීලීන්ගේ පක්‍ෂයක් ලෙස නගා සිටුවීමටත්, ඉදිරියේදී ගොඩ නැගෙන්නා වූ මහා පු`ථල් ජාතික සන්ධානයක් වෙනුවෙන් අකලංක සහයෝගය දෙන බවත්, පක්‍ෂයේ නායක අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මුහුණ දෙන සියලූමඅභියෝගයන්හිදී එක්ව සිටින බවත් ප‍්‍රකාශ කර සිටිමි.

වසර 45ක පමණ දීර්ඝ කාලයක සිට දේශපාලනයේ යෙදී සිටි මා මගේ ජීවිතයේ ඉදිරි කාලය තුළදීද නව ලිබරල් වාදයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී, නව යටත් විජිතවාදී විරෝධී, විදේශගැති භාවයට එරෙහි, ජාතිවාදයට, කුලවාදයට, පවුල්වාදයට, ¥ෂණයට එරෙහි, ජනසම්මතවාදී, සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින බවද ප‍්‍රකාශ කරමි.

– වජිර කොඩිතුවක්කු
gossip lanka