gossip lanka

මීළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා මෛත්‍රිපාලයි - ශ්‍රීලනිප හිටපු මහ ලේකම්

හොරකම, වංචාවට හා දූෂණයට එරෙහි දේශපාලන නායකත්වයක් මුළු රටේම ජනතාව ඉල්ලන නිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාවම නම් කළ බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය.
පක්ෂය ගත් මෙම තීන්දුව පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අවසාන තීරණය ප්‍රකාශයට පත්කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයන් ඇතුළු විවිධ සංවිධාන මෙන්ම රටේ ජනතාවද තවත් වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිරීමට පටන්ගෙන ඇතැයිද මහාචාර්යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාව නම් කළේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින එකම සුදුස්සා එතුමා පමණක් නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.

පොහොට්ටුවේ ඇතැමුන්ට මීට වඩා ගැළපෙන අපේක්ෂකයකු සොයාගත හැකි නම් එවැන්නෙක් නම් කර ඒ ගැන අවසාන තීරණයක් ලබාගත හැකි බවද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්තියාම ජනාධිපති අපේක්ෂකයා නම් කළේ ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නට හැකි සුදුසුම නායකයා ඔහු නිසා යැයිද විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කොට පොදු එකඟතාවකට ඒමට හැකි බවද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ
gossip lanka