"ජනතාවට බොරු කරන්න එපා" - සජිත්ගෙන් චම්පිකට ප‍්‍රහාරයක් !

රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළ බව පවසමින් ඇතැම් පුද්ගලයන් ජනතාවට විහිළු සපයමින් සිටින බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි විහිළු සහගත ප්‍රකාශ කර ජනතාව සමච්චලයට ලක් නොකළ යුතු බවය.
තම පියාගේ නිවාසවලට කුකුළු කූඩු යැයි ඇතැමුන් එකල පතුරු යනතුරු දෝෂාරෝපණය කළද මීට වසර කිහිපයකට පෙර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවා විදෙස් රටවලට ගොස් තම පියාගේ නිවාස වාර්තා පෙන්වමින් තමන්ට ලකුණු දාගත් බවද අමාත්‍යවරයා පැවැසීය.

එමෙන්ම කුමන පුද්ගලයකු හෝ හොඳ වැඩක් කළේ නම් එය අගය කළ යුතු බව පවසන ප්‍රේමදාස මහතා රටේ වසර 30ක් පැවැති යුද්ධය නිම කරන්න මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියා කිරීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව ද එහිදී පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ කැකිරාව ඉහළගම ඉදිකෙරුණු 145 වැනි “දිවිනැඟුම” සහ 146 වැනි “හිරු කිරණගම” උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ජනතාව අමතමිනි.

මව්බිම