ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද වැරදි තීන්දුවක් ගත්තොත් අපේ සහය නෑ - පොහොට්ටුව

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට වුවත් ඔහු වැරදි තීන්දුවක් ගතහොත් තමන්ගේ සහාය ඊට හිමි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
"මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි තීන්දුවක් දෙන්නැහැයි කියලා ලොකු විශ්වාසයක අපි ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීන්දුව ඉස්සරහපිට හිටගන්නෙ නෑ කියන කතාවත් පැහැදිලිව කියන්න ඕන" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එසේම එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සාධකය අමතක කර කටයුතු කළ යුතු බව කවුරුන් හෝ පවසන්නේ නම් ඔවුන් ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු නොවන බවත්ය.