"අගමැති සහ ඇමති මණ්ඩලය ඉන්නේ වතුර නටනකම් හැළියෙ ඉන්න කකුළුවො ටික වගේ" - ෆොන්සේකා - (video)

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වුවද රට තුළ තවමත් ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ස්ථාපිත වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහර එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
මේ අතර මෙම ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මහර එක්සත් ජාතික පාක්ෂිකයින් කිහිප දෙනෙකුගේ නිවෙස්වලට පහරදීම් සිදුව තිබෙනවා.

නිවෙස් හිමිකරුවන් පවසන්නේ පැවති බල මණ්ඩල රැස්වීමට සහභාගි නොවීම හේතුවෙන් මෙම පහරදීම සිදු කළ බවයි.