හිස්බුල්ලාගෙන් හිස්වන තනතුර ශාන්ත බණ්ඩාරට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අද (04) නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ඒ අනුව ඔහුගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය හිස්ව තිබේ.
ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිස්බුල්ලා මහතාගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බවයි. ඔහු මේ වනවිට ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.