ජනපති මෛත‍්‍රීට එරෙහි කුමන්ත‍්‍රණය කලේ රෙජිනෝල්ඩ් කුරේගේ ගෙදරයි - චන්ද‍්‍රකා පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ හෙලි කරයි - (video)

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුකාරවරයා වන්නේ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැස්බෑව ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා පවසයි.
‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ’ සංවිධානය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තම සංවිධානය දෙවැනි රැස්වීම පවත්වන ලද්දේ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවසේදී බවත් එය සියළු දෙනා දන්නා කාරණාවක් බවත් ඒ මහතා එහිදී පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් නව නායකත්වයක් පක්‍ෂයට ලබා දිය යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් පල වූ අතර ජනාධිපතිවරයාටද දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනු ලැබීය.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිපය එජාපය සමග එක් කිරීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුකාරවරයෙක් ඇතුළු සංවිධායක පිරිසකගේ ධුරයන් ඉතා ඉක්මනින් අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.