'ශ‍්‍රී ලංකාවේ නම වෙනස් කල යුතුයි.. සිංහලෙන් ඒකීය කැමති වුණාට ඉංග‍්‍රිසියෙන් ඒකීය බෑ' - සුමන්තිරන්

දැනට භාවිත වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමජවාදි ජනරජය’ නම වෙනස් කර ‘ශ්‍රී ලංකා ජනරජය’ නැතහොත් ‘ශ්‍රී ලංකාව’ නමින් පමණක් හැදින්විය යුතු යයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනියේදී පැවති ‘වාද පිටිය’ විවාදයට එන්වෙමිනි.

එසේම ‘එකීය’ රටක් ලෙස කටයුතු කරන්න එකග වුවත් ‘එකීය රාජ්‍යය’ යන වචනවට ඉංග්‍රීසි බසින් කියන ‘යුනිටරි ස්ටේට්’ වචනයට කිසිම එකඟතාවයක් නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.

තම පාර්ශවය එකීය ලෙස හදුන්වන්නේ ‘එක රටක්’ බවද ඔහු සදහන් කලේය.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඛියා සිටියේ එදා තුවක්කුව ගෙන පැමින කළ තර්ජනයම අද පිරිස් වචනවලින් සිදු කරමින් සිටින බවයි.
gossip lanka