පෝරකයට නියම වූ 18 කගේ නම් ලැයිස්තුවක් ජනපතිට භාරදෙයි !

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම ලැබ සිටින සිරකරුවන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ ඇමැති තලතා අතුකෝරාල මහත්මිය විසින් ඊයේ (22 දා) පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැුස්වීම පැවති අතර එහිදී සේනා දළඹුවා මර්දනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා වී තිබේ.

එම දළඹුවා මර්දනය සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබාදීමටද ජනාධිපතිවරයා එකඟ වී ඇත.

මේ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස හර්ෂ විජේවර්ධන මහතා පත් කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එ් මහතා රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති අතර පසුව දින 52 ආණ්ඩුව සමයේ අගමැති අතිරේක ලේකම් ලෙසද කටයුතු කර තිබේ.